සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු සමා කාලයේ දී 9000ක පිරිසක් රපොර්තු කරයි

    ජනවාරි 03, 2017
    නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL ) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2016 වසර සඳහා දෙවන වතාවට ප්‍රකාශයට පත්කර තිබු මසක පොදු සමා කාලය (General amnesty) තුළ 9000කට ආසන්න පිරිසක් නැවත රපොර්තුකර සිය නිශ්කාෂණ ලබා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්ව ගොස් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    ඒ අනුව යුද හමුදාවට අයත් නිලධාරින් 11 ක් සහ සෙසු නිලයින් 7812 ක්, නාවික හමුදාවේ නිලධාරින් 02 ක් සෙසුනිලයින් 709 ක් සහ ගුවන් හමුදාවේ නිලධාරින් 21 ක් සහ සෙසුනිලයින් 312 දෙනෙක් මෙලෙස අවසන් නිශ්කාෂණ සඳහා නැවත රපොර්තු කර ඇත.
     
    තවදුරටත් නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට එරෙහිව ඉදිරියේ දී  නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන අතර එම පිරිස් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya