මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ වියළි සහ ශීත දේශගුණික තත්ත්වයක්

    ජනවාරි 03, 2017

    දිවයිනේ බොහෝ පළාත්වලට වියළි සහ ශීත (උදෑසන සහ රාත්‍රී කාලයේදී ) කාලගුණ තත්ත්වයක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  වැසි වාර  කිහිපයක් ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. (විශේෂයෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ )බස්නාහිර, සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya