සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ සියලුම රාජ්‍ය සේවකයන් නව වසරේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ (02) මේ බව සඳහන් කළේය.
ජනවාරි 31 දක්වා මහජන අදහස් ලබාගෙන විශාල පරිවර්තනයක් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිකිරීමට භාරගෙන තිබෙන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන වල ප‍්‍රගතිය සමගින් ඉදිරි පිම්මක් පනින වසරක් බවට මෙම වසර පත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගෙදරින් බැහැරව වැඩිම කාලයක් ගතකරන තැන තමයි රාජකාරී ඉටුකරන ස්ථානය. ඒ නිසා ඒ ස්ථානයේ ගතකරන හැම තත්පරයක්ම සතුටින් ගත කරන්න පුළුවන් වෙන ආකාරයට වගබලා ගන්න ඕන. අපි ඇමතිවරු හැටියට කිසිදු බාධාවකින් තොරව ඔබට තෘප්තිමත්ව සේව කිරීමට අවශ්‍ය පරිසරය හැමවිටම සලසනවා.මේ වන තෙක් ඒක ඔබට උදාවෙලා තිබෙනවා. ඔබට අත්දැකීම් තිබෙනවා.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හා අතිරේක ලේකම් එච්.ඩී.එස්.එස් මල්කාන්ති, බී.කේ.එස්. රවින්ද්‍ර මහතා ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ඉන් අනතුරුව අමාත්‍යතුමා විසින් 2017 වසරේ තම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයේ වැඩ ආරම්භ කරමින් දහවල් දානමය පින් කමක් පවත්වා ආශිර්වාද ලබාගත් අතර අනතුරුව එහි සේවකයන් ද හමු විය.