අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල අභියෝග ජය ගන්නවා - විදුලිබල ඇමැති

    ජනවාරි 02, 2017

    තම නිවස ළඟට විදුලි කණුව තිබුණත්, නිවසට විදුලිය නොමැතිව හූල්ල හූල්ල සිටිය ජනතාව දෙලක්ෂ හැටපන්දහසක් වැනි විශාල සංඛ්‍යාවකට පසුගිය වසරේ විදුලිය ලබා දුන් බවත් මාසයක් ඇතුළත සමස්ත ලංකාවේම විදුලියන 100%ක් සනිටුවන් කිරීමට හැකි බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

    ඉදිරියේදී අභියෝග රැසකට මුහුණු දීමට තිබෙන අතර එම අභියෝග ජය ගැනීමට හැකි බව 2017 නව වසරේ රාජ්‍ය සේවයේ විශේෂ ප්‍රතිඥාව දෙමින් රාජකාරී වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අද (02) අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ”දිළිදුකම පිටුදැකීමේ ප‍්‍රධාන අංගයක් තමයි නිවසට විදුලි බලය ලබාදීම. ලෝකේ බොහෝ රටවල් ක්ෂණිකව සංවර්ධනය කරා යන්න මේ අංගය යොදා ගත්තා. 2017 වර්ෂය තූළත් ඒ සඳහාවූ සුවිශේෂි ව්‍යාපාති ගණනාවක් දියත් කරන්න සූදානම්. ගොවි ජනතාව යැපුම් මට්ටමෙන් වානිජ මට්ටම කරා ගෙනයන්නට විශේෂ විදුලි අය ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ වගේම නිවාස දසලක්ෂයක පියසි සුර්ය බලාගාර බවට පත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. ඒ තුළින් අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයා වෙත අපේ විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි යුතුකම් ඉටුකරපු” ඒ වගේම ඉටුකරන අමාත්‍යාංශයක් කියලා.

     

    රාජ්‍ය සේවකයන් වශයෙන් අපිට විශාල වගකිමක් පැවරෙනවා.  දෙකෝටියක් පමණ වූ සමස්ත ජනතාව සමග සසදා බලනකළ රාජ්‍ය සේවකයන් යම්කිසි වරප‍්‍රසාදයක් භුක්ති විදින කොටසක්. සමස්තයක් වශයෙන් ආදායම, දැනුම, සමාජ තත්ත්වය ආදියත් සමග සසදා බලන කළ රාජ්‍ය සේවකයා යම්කිසි ඉහළ තැනක සිටින, නායකත්වයක් දරන වරප‍්‍රසාද භුක්ති විදින කොට්ටාශයක්. ඒ නිසා සමස්ත ජනතාවත් සමග රට සංවර්ධනය කරන්න අපිට විශාල වගකීමක් පැවරෙනවා. ඒ සඳහා අපි 2017 වසරේත් කැපවිය යුතුයි මෙතෙක් කුප්පි ලාම්පුවෙන් පාඩම්කල දරුවන් ලක්ෂ 5 කට පමණ විදුලිය ලබාදීමේ පුණ්‍යකර්මයේ කොටස්කරුවන් වීමට මෙම අමාත්‍යාංශයේ අප සැමදෙනාටම හැකිවෙලා තිබෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya