අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාවට යුතුකම් ඉටුකිරීමේ සුවිශේෂී වගකීමක් රාජ්‍ය සේවකයාට පැවරී තිබෙනවා- ජනාධිපති ලේකම්

    ජනවාරි 02, 2017

    දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීරණ හරහා මහජනතාවට යුතුකම් ඉටුකිරීමේ සුවිශේෂී වගකීම රාජ්‍ය සේවකයාට පැවරී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

    උදාවූ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ පළමු දිනය නිමිත්තෙන් ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ අද (02) පෙරවරුවේ පැවති ජනාධිපති කාර්යාල කාර්යය මණ්ඩල හමුවේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා මෙම අදහස් පළකළේය.

     

    දැවැන්ත යුග පෙරළියකින් පසුව ජනාධිපතිවරයා ලෙස පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී විවිධ ව්‍යාපෘති හරහා රටේ සංවර්ධනය ඉහළ නැංවීමට ගෙන ගිය වැඩපිළිවෙළට සහය දැක්වූ සියලු රාජ්‍ය නිලධාරීන්ට ද පී.බී. අබේකෝන් මහතා සිය ස්තූතිය පුද කළේය.

     

    රටේ රාජ්‍ය නායකයාට සමීප සේවක පිරිසක් වන ජනාධිපති කාර්යාල කාර්යය මණ්ඩලය සිය රාජකාරී ඉටුකිරීමේදී  ජනාධිපතිවරයාගේ සහ රටේ ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බව ද කියා සිටි පී.බී. අබේකෝන් මහතා එක් පුද්ගලයෙක්  අතින් සිදුවන අතපසුවීමක් ඇතැම් විට රාජ්‍ය යාන්ත‍්‍රණයටම අහිතකර ලෙස බලපෑ හැකි බව ද සඳහන් කළේය.

     

    උදාවූ නව වසරක සමාරම්භය සනිටුහන් කරමින් රාජ්‍ය ප‍්‍රතිපත්ති හා අරමුණු ක‍්‍රියාත්මක කිරීමෙහි ලා පැවරෙන වගකීම් සපුරා ඉටුකරන බවට ජනාධිපති ලේකම් කාර්යාල කාර්යය මණ්ඩලය විසින් මෙහිදී ප‍්‍රතිඥා ලබාදුන්හ.

    සැමට ප‍්‍රතිලාභ හිමිවන වේගවත් සංවර්ධනයක් තුළින්  2017 වර්ෂයේ දී දිළිඳුකම පිටුදැකීම සඳහාත් ශ‍්‍රී ලාංකික ජනතාවට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහාත් ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන්නට උදාවූ නව වසර තුළින් සියලු දෙනාට ශක්තිය, ධෛර්යය ලැබේවායි ද ලේකම්වරයා සුබපැතීය.

    මෙම හමුවට ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්යය මණ්ඩලය සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya