මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපතිනිය නව වසරට සුබ පැතුම්

    ජනවාරි 01, 2017

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නව වසරට සුබ පැතුම් එක්කරමින් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.


    "නව වසරක උදාව සමරන මෙවන් මොහොතක, මෙයට වසර දෙකකට පෙර සාමකාමී ලෙසින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම තුළින් සහ එම වසරේම අගෝස්තු මාසයේදී යහපාලනය හා සාධාරණ, යුක්තිගරුක සමාජයක් සඳහා කැපවු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි හවුලෙන් පිහිටවු සභාග ආණ්ඩුවකට ජනවරම ලබාදීම තුළින්, ශ්‍රී ලාංකිකයින් ලෙස අපගේ දේශපාලන විචක්ෂණභාවය සහ පරිණතභාවය ඉතා පැහැදිලිව පෙන්නුම් කළ බව නැවතත් මෙනෙහි කර ගත යුතුව ඇත.

     

    ඒ අතරම, පුරවැසියන් වන අප එකිනෙකා අතර බෙදීම් හා අවිශ්වාසය ඇතිකර සිත් වලට කාවැද්දවීමට කරන්නාවු උත්සාහයන් පරදවා, අපගේ විවිධත්වය සම්පතක් හා ශක්තියක් ලෙසින් දකින සමාජයක් ගොඩනැගිය යුතුව ඇත. යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම තුළින්, ජාතියක් ලෙසින් සියලු පුරවැසියන් තම අයිතිවාසිකම් සමානව භුක්ති විඳින හා ගෞරවාන්විතව ජීවත් විය හැකි, එක්සත් සහ සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අතිගරු ජනාධිපතිතුමා  සහ ගරු අගමැතිතුමා යන දෙදෙනාම පැහැදිලි ලෙසින් කැපවී ඇත.

     

    පොදු ජනතාව ලෙස, සෑම පුරවැසියෙකුටම තම අනාගතය නගා සිටුවිය හැකි මගේ රට යැයි ආඩම්බර විය හැකි රටක් ගොඩනැගීමේ පරමාර්ථයන් පෙරදැරි කර ගනිමින්, සියල්ලන් එකමුතුව වෙසෙන හා විවිධත්වය අගයන සමාජයක් ඇති කිරීමට ඔබ ගන්නා වූ උත්සාහයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මා ප්‍රර්ථනා කරමි!"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya