අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අදින් අවසන්

    දෙසැම්බර් 31, 2016

    නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2016 වසර සඳහා දෙවන වතාවට ප්‍රකාශයට පත්කර ඇති පොදු කාලය අද දින (31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඊයේ දිනය (30) වන විට යුධ හමුදාවට අයත් නිලධාරින් 09 ක් සහ සෙසුනිලයින් 6502 ක්, නාවික හමුදාවේ නිලධාරින් 02 ක් සෙසු නිලයින් 614 ක් සහ ගුවන් හමුදාවේ නිලධාරින් 20ක් සහ සෙසු නිලයින් 294 දෙනෙක් අවසන් නිශ්කාෂණ සඳහා නැවත රපොර්තු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

     

    අද දින මධ්‍යම රාත්‍රියෙන් පසු නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් පිළිබඳව ඉදිරියේදී නිත්‍යානුකුලව කටයුතු කිරීමට සිදුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තවදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya