අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පැන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ විට හදිසි අනතුරුවලට ලක්වීම වැඩි වී තිබෙනවා

    දෙසැම්බර් 30, 2016

    මත්පැන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ විට හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩ වැඩි වී තිබෙන බවත් මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට විශාල හානියක් බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේ දී ඇතිවන ගැටලු අවම කරමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (29)මාධ්‍ය වැඩමුළුව පැවැත්විණි.

    මත්පැන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගත්තත්,මාසික හා ශාරීරික ප්‍රශ්න මතුවෙනවා. මත්ද්‍රව්‍යයට අබ්බැහිවූවන් ලක්ෂ ගණනාවක් රටේ සිටිනවා. මත්පැන්වලට අබ්බැහිවූ විට ඔවුන්ගේ හෞදයට බලපානවා, ආමාශයට බලපෑම් සිදු කරනවා, ආහාර අරුචිය ඇති කරනවා, හදිසි අනතුරුවලට ලක්වීම වැඩි වී තිබෙනවා. සියදිවි නසා ගැනීම හා පුද්ගල ඝාතනවලට යොමු වෙනවා.

    ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිහිය දුර්වල වීම, පෙනහලු රෝග, පිළිකා ඇතිවීම සිදු වෙනවා.කොකේන් වැනි මත්ද්‍රව්‍ය බටහිර රටවල තහනම් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් හරහා බෙදා හරින්නට උත්සහ කරනවා. මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් මුදවා ගැනීමට අමාරු දෙයක් වන්නේ ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණවල බලපෑම අඩු කරගැනීමට තිබෙන අපහසුතාවය.රෝග විරාම ලක්ෂණ නිසාම, ඉන් මිදීමට මත්ද්‍රව්‍ය නැවත භවිත කරනවා.

    අනෙක් භායනක කරුණ වන්නේ, මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම. ඉන් ඒඩ්ස් වැනි රෝග ව්‍යාප්ත වීමට බලපානවා. එන්නත් කරගන්නා මාත්‍රාව නිසා මත්ද්‍රව්‍ය විෂ වී මිය යනවා. මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට විශාල හානියක්. පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න,අපරාධ, රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍යයෙන් මුදවා ගනීමට විශාල සටනක් දියත් කර තිබෙන්නේ. දුප්පත් වීම, අඩු වයසින් මරණයට පත් වීම සිදු වෙනවා.මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් ලබන වසරේ විශාල ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි ද මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya