අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ජාතින් එකමුතුව කටයුතු කිරීමෙන් බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ ශක්තිමත් වාතාවරණයක් ගොඩනැගෙනවා

    දෙසැම්බර් 28, 2016

    ජාති,ආගම් භේද නොතකා සියලු ජාතින් එකමුතුව කටයුතු කිරීමෙන් අනාගත පරම්පරාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ ශක්තිමත් වාතාවරණයක් ගොඩනැගෙන බව ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍තිසන්ධාන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා බව කියා සිටියේ, ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස ඊයේ (27) සිව්වැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.


     එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,  ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අප සියලුදෙනාට සහෝදරයින් ලෙස ජීවත් වීමට හැකි වාතාවරණයක්  සකස් කොට තිබෙනවා. මෙම නත්තල් ගස තුළිනුත් කියාපාන්නේ ඒකයි.

     වරාය අධිකාරියේ හෝ රජයේ කිසිඳු මුදලක් වැය නොකර අපේ සහෝදරයින්ගෙන් ලබා ගත් මුදල් වලින් මේ දැවැන්ත ගස හදලා තියෙනවා. දැන් වැඩි දෙනෙක් උත්සාහ ගන්නේ ජාති භේද, ආගම් භේද අවුස්සමින් දේශපාලන වාසි ලබා ගන්න. එය හොඳ දෙයක්  නෙවෙයි. අපි සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ. අපිට දේශපාලන ප්‍ර‍තිපත්තියක් තිබිය යුතුයි.

     නමුත් ආගමික කටයුතුවලදී සහ ජාතික උත්සවයන්හිදී අපි සියලුදෙනාම එකා මෙන් සිටිය යුතුයි. මැතිවරණ කාලයට කළ යුත්තේ ඒ  මැතිවරණ කටයුතු. නමුත් ඒ කාලයේදී ජාතිකත්වය මූලික කරගනිමින් ඡන්ද ලබා ගන්න උත්සාහ කරනවා.

     කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝමයක් සිංහල බෞද්ධ ජනතාව. ඒ වුණත් ඡන්දෙන් මම ජයග්‍ර‍ණය කළා. සිංහල බෞද්ධ ජනතාව කිසි දිනෙක ජාතිවාදී ගමනක් යන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ජතිවාදය අවුස්සමින් මේ රටේ සාමය නැති කරන්න උත්සාහ ගන්න. නමුත් අපි එයට ඉඩ නොදිය යුතුයි. අපි සියලු දෙනාම එකට සිටිය යුතුයි. ඉදිරි අවුරුදු 05දී රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය උදා කර දෙමින් අතර ආර්ථිකය ද ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

    අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජාතිය, ආගම ගැන සිතන්නේ නැතිව සියලු දෙනාම එක ජාතියක් ලෙස, ශ්‍රී ලාංකිකයින් ලෙස සිටින්නට අධිෂ්ඨාන කර ගන්නා ලෙස. ඒ ශක්තිය අපිට තියෙනවා නම් අපේ බාල පරම්පරාවට ප්‍ර‍ශ්නයකින් තොරව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා  යැයිද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya