අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජය බිහිකළේ ජනතාව වෙනුවෙනුයි - යහපාලන රජය ආරක්ෂා කිරිමට කැපවෙනවා - අමාත්‍ය රාජිත සේනාරත්න

    දෙසැම්බර් 28, 2016

    නව රජය බිහි කළේ ජනතාව වෙනුවෙන් බවත්, යහපාලන රජය ආරක්ෂා කිරීමට කැපවන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    යහපාලන රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්ෂ, ද්‍රවිඩ දේශපාලන පක්ෂ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් රජයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     එම නිසා මෙම රජය ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත්, ජනවාරි 08 දින ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    1990 වසරෙන් පසු කිසිදු සංවර්ධනයක් සිදු නොවු බණ්ඩාරගම අළුත්ගම තොටුපොල පාර කාපට් කිරීම ඊයේ (27) ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     කිලෝමිටර් 2.4 ක දුරින් යුත් මෙම මාර්ගය කාපට් කිරිම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 25 කි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය බලතල ලබාදුන්නා.  වර්තමානයේ ජනාධිපතිවරයා විවෙිචනය කිරිමට, නඩු පැවැරීමට ඕනෑම අයෙකුට අවස්ථාව උදාවී තිඛෙනවා. ඉදිරියේ දී ගෙනඒමට යෝජිත නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා. මෙම වෙනස රුපියල් සත වලින් මනින්න එපා. ජනවාරි 08 දින අපි මෙම රජය බිහි කිරිමට කටයුතු කළේ දැඩි භිෂණයක් මතයි. අපි පැවැති ක්‍රමය වෙනස් කළා. නව රජයේ මැතිවරණ ප්‍රකාශණය සියළු දෙනා එකමුතුව සකස් කළා. එම පොරොන්දු මෙි වනවිට ඉටු කරමින් සිටිනවා.”

    "සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නව රජය වැඩසටහන් රැසක් දියත් කර තිඛෙනවා. පළාත් සභා රෝහල් සියල්ල සංවර්ධනය කරනවා. කලුතර දිස්ත්‍රීක්කයේ රෝහල් රැසක් ද ඒ යටතේ සංවර්ධනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍යය වියදම් අවම කර නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සදහා වැඩසටහන් රැසක් දියත් කර තිඛෙනවා යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලු ගම්වාසින් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya