අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවසන් කටයුතු 31 දා

    දෙසැම්බර් 28, 2016

    අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව  ලබන 31 දින හොරණදී සිදු කිරීමට නියමිතය.

    රාජ්‍ය ගෞරව සඳහා එතුමාගේ දේහය 2016.12.28 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කෙරෙන අතර ඉන් අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ හොරණ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

    1965 වසරේදී හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රත්නසිරි වික්‍රමනායක මහතා නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍ය ධුරයන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද හෙබවූ මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya