අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රමිකයා පිළිබඳ නොසලකන රටවල් සම්බන්ධයෙන් තීරණයක් - විදේශ රැකියා අමාත්‍ය

    දෙසැම්බර් 28, 2016
    විදෙස් ගතවන ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව, සුරක්‍ෂිතබව හා සුභසාධනය පිළිබඳ නොසලකන  ඕනෑම රටක් පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා බවත් එම රටවලට මෙරටින් ශ‍්‍රමිකයින් යැවීම නතර කිරීමට පසු නොබසින බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (27) කාර්යාංශයේදී සේවක සුභසාධක අරමුදල මගින්, විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් වන්දි ප‍්‍රදානයකට එක්වෙමිනි. 
     
    "විදේශ සේවා නියුක්ති කාර්යාංශය හැටියට විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට කටයුතු කරනවා. අද දින වන්දි ලබාගන්නා අයට උපරිම සාධාරණය වෙනුවෙන් කැප වෙනවා. මේ වසර තුළ (2016) මිලියන 25ක් ලක්‍ෂ 251ක මුදලක් මෙවැනි විපතට පත්වූවන් වෙනුවෙන් කාර්යාංශය ප‍්‍රදානය කර තිබෙනවා. මෙවැනි වන්දි මුදල් ලබාදීම සඳහා තානාපති කාර්යාලවලින් ලබාදෙන සහයෝගය විශේෂයෙන් මතක් කළ යුතුයි. අද දිනයේ වන්දි ලබා දෙන අයගේ විශේෂත්වය වන්නේ කිසිඳු වන්දි මුදලකට ඔවුන්ට හිමිකමක් නොවීමයි. නමුත් කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් වන්දි ලබා දෙනවා. රක්‍ෂණ මුදලකට හිමිකම් ලැබෙන්නේ වසර 2ට පමණයි. එම කාලය අවසන් වුණාම ආයතනය මගින් ලබාදෙන රක්‍ෂණ වන්දි මුදල් ලැබෙන්නේ නෑ. ඒ අනුව ලියාපදිංචි කාල සීමාව අවසන් වුණාම නැවත ලියාපදිංචි වෙන එක සියලු දෙනාගේම වගකීමයි. මම විෂයභාර ඇමතිවරිය ලෙස ඉල්ලා සිටින්නේ විදෙස් ගතවන සියලු දෙනා ලියාපදිංචිය ලබාගන්නා ලෙසත් එතුළින් තමන්ට හිමි ප‍්‍රතිලාභ සියල්ල ලබාගත හැකියි" යැයි ද කීය.
     
    සමහර පුද්ගලයන් මැදපෙරදිග නොවන කොරියාව, මැලේසියාව, ඊශ‍්‍රාලය වැනි රටවලට ගිහින් ගිවිසුම් කාලය අවසන් වූ පසුවත් නීති විරෝධී ලෙස රැඳී සිටින බවත් මේ තත්ත්වය රටක් හැටියට හොඳ තත්වයක් නොවන බවත් පෙන්වාදෙන අමාත්‍යවරිය තවත් කෙනෙකුට ලැබෙන අවස්ථාව ඒ හේතුවෙන් අහිමි වන බවත් පැවසීය.
     
    තමන් ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්  ඕනෑම තීන්දු තීරණයක් ගැනීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අද සේවක සුභසාධක අරමුදල මගින් විදෙස් රැකියා කරන අතරතුරදී හානිවුණු හා රෝගාබාධවලට ලක්වූ ශ‍්‍රමිකයින් 43 දෙනෙකු වෙනුවෙන් රුපියල් 8,425,000 ක මුදලක් ප‍්‍රදානය කරන ලදී. 
     
    2016 වසරේදී සේවක සුභසාධක අරමුදල මගින් ශ‍්‍රමිකයින් 153 දෙනෙකු රුපියල් 25,190,000.00 (රුපියල් දෙකෝටි පනස් එක් ලක්‍ෂ අනූ දහසක්) වන්දි ලෙස ප‍්‍රදානය කර තිබේ.
     
    මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඩී.ඞී.ප‍්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන ඩබ්.එම්.වන්සේකර, චේකා පේ‍්‍රමසිරි වන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya