ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස වසන්තා පෙරේරා මෙනවිය පත් කර ඇත. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඇති අතර ආරක්ෂක, මුදල් විදේශ, තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යංශ වල ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු හොබවා ඇත.