සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම් සහ ණය ගණුදෙනු පිළිබඳ සමිතිය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර සමරු තිළිණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) ප්රදානය කරන ලදි. එම සමිතියේ ලේකමි ඩබ්.ඒ.ඩී. විමලරත්න මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ සාමාජිකත්වයෙන් දූ දරුවන් 700 දෙනෙකු වෙනුවෙන් පසුගියදා මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී ශිෂ්‍යත්ව ප්රදානත්වයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, ඊට සමගාමීව මෙම උපහාර සමරු තිළිණය පිළිගන්වන ලදි.