අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති විද්‍යාලයට පිහිනුම් තටාකයක්

    දෙසැම්බර් 27, 2016
    රුපියල් මිලියන 110 ක් වැයකර ශ්‍රී ජයවර්ධන පුර ජනාධිපති විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව පිහිනුම් තටාකයට මුල්ගල් තැබීම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ .
    2016 වසරේ පළමු වසරට ළමුන් ඇතුලත්  කර ගැනීමේ ජාතික උත්සවයේදී අචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රී ජයවර්ධන පුර ජනාධිපති විද්‍යාලයට මෙම පිහිනුම් තටාකය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත .
     
    දිගින් මීටර් 25 කින් හා මංතීරු 8 කින් සමන්විත මෙම පිහිනුම් තටාකය අධ්‍යාපන අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන බව විද්‍යාලයේ විදුහල්පති යු.ඩි.ඩි.ජී.ආරියරත්න මහතා පැවසීය . විදුහල්පතිතුමා පැවසුවේ විද්‍යාලයේ දරුවන් 3600 කට මෙන්ම කෝට්ටේ කලාපයේ සෙසු පාසැල් දරු දැරියන්ටද මෙමගින් පිහිනුම් හැකියා වර්ධනය කර ගැනීමට පහසුකම් හිමි වන බවය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya