අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා - 2016

    දෙසැම්බර් 26, 2016
    2016 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය අද (26) සහ හෙට 27 යන දෙ දින ගාල්ලේදී පැවැත්වේ. 
     
    අද ගාල්ල සංඝමිත්ත විද්‍යාලයේ දී සිසු නිපුණතා තරගාවලිය පැවැත්වෙන අතර සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ දී පැවැත්වේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම නිපුණතා ඇගයීම් උළෙල දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වන අතර එහි සමස්ත ලංකා තරගාවලිය  තෝරා ගත් දිස්ත්‍රික්කයක පැවැත්වීම සිදු කෙරේ. මේ අනුව වසර 22කට පසුව ගාල්ල දිස්ත්‍රික්කය මේ සඳහා තෝරා ගෙන ඇත. 
     
    මෙවර සිසු නිපුණතා තරගාවලිය සඳහා සමස්ත ලංකාව නියෝජනය කරමින් දහම් පාසල් දුවා දරුවන් 2500ක පමණ පිරිසක් සහභාගි විමට නියමිතය. ගාල්ල ද්ස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියලු කටයුතු සංවිධානය කර ඇත. 
     
    හෙට පැවැත්වෙන ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya