මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පද්ධතිය තුළ දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක්

    දෙසැම්බර් 26, 2016
    සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත මදුරු කීටයින් විනාශ කිරිම සඳහා පාසල් පද්ධතිය තුළ දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නව පාසල්වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියලු ම පාසල් පරිශ්‍ර පරික්ෂා කිරීමට ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 
     
    ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කර ධූමායන කටයුතු සිදු කිරීම මෙහි අරමුණයි. 
     
    ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) දෙ දින පාසල් පවිත්‍ර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මදන ඒකකය කටයුතු යොදා ඇත. විශේෂයෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබේ. 
     
    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල පිහිටි පාසල් කෙරෙහි වැඩි අවධානය මෙහිදී යොමු කරනු ලැබේ. එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම ඊට හේතුවයි.
     
    ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 640ක් එම දිස්ත්‍රික්කවල පාසල් පරීක්ෂා කිරිමට හා ධූමායන කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් පාසල් පරික්ෂාව සහ ධූමායන කටයුතු කිරිම සිදු කරනු ලබයි. 
     
    2016 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 49930ක් වාර්තා වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 78කි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya