අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා වු දිගු ගමනක් ආරම්භ කර තිබෙනවා- හිටපු ජනපතිනිය

    දෙසැම්බර් 25, 2016

    ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා වු දිගු ගමනක් අරඹා කර තිබෙන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.

    එම සම්පූර්ණ පණිවිඩය පහත සඳහන් වේ.

    "ජේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ බිළිදෙකු ලෙස උපත ලැබු දිනය සිහිපත් කරමින් උත්සවාකාරයෙන් එය සමරන්නාවූ කිතුණු භක්තිකයින් සහ අන් සියලු දෙනාටම යහපැවැත්ම සහ සතුට පිරි ප්‍රීතිමත් නත්තල් සමයකට සුභාශිංසන පිරිනමමි. පහත්ම සමාජ තත්ත්වයක සිටි මෙන්ම  සහ ඇදහිලිවන්තයින් නොවන්නාවූ අයටද ඇතුළුව ප්‍රේමය, දයානුකම්පාව හා සමාව සහ සාමයේ පණිවිඩය දේශනා කිරීමට ජේසුස් වහන්සේ  මෙලොවට පැමිණියහ.


    එකමුතු බව සහ සියලු ජනකොටස් එකාවන්ව ජීවත් වන ජාතියක් ගොඩනගන කර්තව්‍යයට කැපවී, අප රට වැසියන් මේ වන විට ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා වු දිගු ගමනක් අරඹා ඇත. අපගේ සහෝදර ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ අපගේ මිතුරන් අතරද දක්නට ලැබෙන, මෙම යහපත් තත්ත්වය සහ සහතිකයන් ගැන විශ්වාසය හා බලාපොරොත්තු පෙරදැරි කර ගනිමින්, සාධාරණත්වය මත පදනම් වූ අපගේ මෙම උතසාහයන් ශක්තිමත් කර ගත යුතුව ඇත.


    සියලුම කිතුණු භක්තිකයින්ට භාග්‍යවන්ත සහ සාමකාමි නත්තලක් මා ප්‍රර්ථනා කරමි!"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya