අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික සංවර්ධන වැඩසටහනක්

    දෙසැම්බර් 25, 2016

    ග්‍රාමීය ජනතා ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    එම සංකල්පනාව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ඉදිරිපත් කර තිබෙන  අතර එහි පළමු සාකච්ඡාව ඇමති ගයන්තගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, රජයේ චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සන්ස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනේ ආයතනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන සියල්ල එක්ව මෙම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව ජනතා සේවය සලසන සියලු ආයතන එක්කිරීම මගින් ජාතික වැඩසටහන පැවැත්වීමට අපේක්ෂාව වී තිබේ.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ලෙහි පසුගියදා පැවති ප්‍රගතිය සමාලෝචන  අවස්ථාවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරන මෙම ජාතික වැඩසටහන පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.

    එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ ඇතුලු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, රජයේ චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සන්ස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සැලසිනේ ආයතනය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන සියල්ලෙහි ආයතන ප්‍රධානීන් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya