අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අඳහස් ලබාගැනේ

    දෙසැම්බර් 24, 2016

     කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අඳහස් ලබාගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

    ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජනවලට ගොඳුරු වූ ළමයි ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබේ.

    ඒ අනුව කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අඳහස් ලබගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

     

    මේ වන විටත් ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, වැනි ආයතනවල විද්වතුන්ගේ අඳහස් මෙන් ම අධිකරණ, අධ්‍යාපන, කම්කරු සහ සෞඛ්‍ය ක්ශේත්‍රවල විද්වතුන්ගේ අඳහස් ලබාගැනීම සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

     

    වසර 2017 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වීමට ප්‍රථම ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya