අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඟුරන්කෙත හා දෙල්තොට ජංගම සේවාව අදත්

    දෙසැම්බර් 23, 2016

    සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය විසින් පවත්වන ජංගම සේවා 02 ක්  හඟුරන්කෙත හා දෙල්තොට දී  දෙසැම්බර් 22,ඊයේ ආරම්භ වූ අතර එහි දෙවැනි දිනය අද  (23) පැවැත්වේ.

    රාජ්‍ය ආයතන 24 ක නියෝජිතයන් සහභාගිවන මෙම ජංගම සේවාවන් වලදී ඉඩම්, පොලිස්, උප්පැන්න, හැඳුනුම්පත් ගැටළු වැනි ප්‍රදේශයේ ජනතාවට ඇති ගැටළු විසඳීම සඳහා එම රාජ්‍ය නියෝජිතයන් කටයුතු කෙරේ.

    මෙම ජංගම සේවය අතර ඇස්කණ්නාඩි ලබා දීම, රෝදපුටු, කිහිලිකරු වැනි උපකරණ ප්‍ර‍දානය කිරීම, හා දිවිනැගුම ප්‍ර‍තිලාභීන් හට භාණ්ඩ ලබා දීම සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් සිදුවේ.

    හඟුරන්කෙත ජංගම සේවාව 22 දා හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාල භූමියේදීත්, දෙල්තොට ජංගම සේවාව පැවැත්වුණු අතර අද පැවැත්වෙන ජංගම සේවාව, කරගස්කඩ මහා විද්‍යාල භූමියේදීත් පෙ.ව. 9.00 සිට ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya