අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුර්කියේ රුසියානු තානාපතිගේ ඝාතනය ශ්‍රී ලංකාව හෙළා දකී.

    දෙසැම්බර් 23, 2016
    දෙසැම්බර් 19 වන දින තුර්කියේ අන්කාරා නුවරදී සිදුවූ තුර්කියේ රුසියානු තානාපතිවරයාගේ ඝාතනය ඉතා දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. 
    ශ්‍රී ලංකා රජය රුසියානු තානාපති ඇන්ඩ්‍රෙයි කාලෝව්ගේ පවුලේ සාමාජිකයන් වෙත හා රුසියානු සමූහාණ්ඩුවේ රජය හා ජනතාව වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
     
    ශ්‍රී ලංකාව සෑම ආකාරයේම ත්‍රස්තවාදී ක්‍රියා හා ත්‍රස්තවාදී භාවිතයන් ප්‍රසිද්ධියේ හෙළා දකී. කිසිම හේතුවක් හෝ සාධකයක් තුළින් ත්‍රස්තවාදය සාධාරණීකරණය කළ නොහැකි වනවා සේම මෙම නිවට ක්‍රියාව සිය ජාතිය නියෝජනය කරමින් සුරක්ෂිතව හා ආරක්ෂාකාරිව ලොව පුරා කටයුතු කිරීමෙහිලා සියළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අයිතීන් හා නිදහසට එල්ල වූ දරුණු පහරක් ලෙස දැක්විය හැකිය. මෙම මරණයට වගකිව යුතු සියළු පාර්ශවකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින්, සියළු රටවල හා ජාත්‍යන්තර සංවිධානවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඔවුන්ගේ කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය අයිතීන් හා නිදහස සුරක්ෂිත කිරීම උදෙසා  ජාත්‍යන්තර ප්‍රජාව එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya