අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළු රාජ්‍ය නිලධාරීන් ජනතා සේවය වෙනුවෙන් කැපවිය යුතුයි -ධීවර රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 23, 2016
    නත්තලේ සැබෑ උතුම් පණිවුඩය යථාර්තයක් බවට පත්කිරීම සදහා යම් උපකාරයක් අපේක්ෂාවෙන් පැමිණෙන ජනතාවගේ ගැටළුවලට අවම කාලයක් තුල උපරිම සේවයක් සැලසීමට සියළු නිලධාරීන් එළඹෙන 2017 වසර තුල ක්‍රියා කළයුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කලේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවති නත්තල් සැමරුම් උත්සවයේදීය.
     
    දේව මෙහෙන් අනතුරුව අමාත්‍යංශයේ සනීපාරක්ෂක අංශයේ පිරිසට වියලි ආහාර පාර්සල් බෙදාදීම හා අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට ත්‍යාග පාර්සල් බෙදාදීමද සිදුකෙරිණ .
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා  “අපි මෙහිදී අමතක නොකල යුතුයි අපේ සහෝදර ධීවර ජනතාවගෙන් සැලකියයුතු පිරිසක් කිතුනු බැතිමතුන් බව . ඒ නිසා අමාත්‍යාංශයක් ලෙස අපිට විශාල වගකීමක් තියෙනවා. ජේසු සමිදාණන්ගේ උපත සිදුවූ මේ අසිරිමත් නත්තල අර්ථවත් කිරීමට . ඇති හැකි අය තම වියදම් යම් ප්‍රමාණයකට හෝ සිමා කරලා මේ නත්තල් සමයේ  නැති බැරි ජනතාවට උපකාර කිරීම වඩාත් අර්ථවත් කටයුත්තයි .” යයි පැවසීය.
     
    ධීවර අමාත්‍යංශයේ හා ධීවර දෙපාර්තමේන්තුවේ කිතුනු එකමුතුව මෙම නත්තල් උත්සවය සංවිධානය කළේය .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya