මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහකළුගොල්ල ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීමේදී මතුවූ ගැටළු විසදේ

    දෙසැම්බර් 23, 2016
    මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මහකළුගොල්ල ප්‍රදේශයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශවල ආරක්ෂිත විදුලිවැට ඉදිකිරීමේදී මතුවී ඇති ගැටළු තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මැදිහත්වී විසඳයි.
    නියෝජ්‍ය අමාත්‍යවරිය ගමිවාසීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර එම ගැටළු විසඳීමට පියවර ගත්තාය.
     
    අම්පාර දිස්ත්‍රික්කයේ සිට හුලංනුගේ නාමළුව දක්වා ඉදිකෙරෙන ආරක්ෂිත විදුලි වැට තවත් කිලෝමීටර් 10 ක් පමණ ඉදිකිරීමට නියමිතව තිබියදී මෙම ගැටළු මතු විය.
     
    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ගම්වාසීන්ගේ ඉඩම් අත්පත් කරගැනීමක් සිදු නොකරන බවයි. ගම්වාසීන්ගේ ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඒ සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බව ගම්වාසීහු මෙහිදී ප්‍රකාශ කළහ. 
     
    මෙම ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීම හේතුවෙන් මහකළුගොල්ල, වලහපතාන, නාමළුව, හැඩඔය ඇතුළු ගම්මාන කිහිපයකට මෙම ආරක්ෂිත විදුලිවැට ඉදිකිරීම හේතුවෙන් ආරක්ෂාව සැළසේ.
     
    කුමන, ලාහුගල, කොටියාගල ප්‍රදේශවල සිට වනඅලි මෙම ගම්මාන වලට පැමිණෙන බව වාර්තා වේ. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya