අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් වර්ජනය දා විපතටපත්වූවන්ට වන්දි

    දෙසැම්බර් 22, 2016
    දිවයින පුරා පෞද්ගලික බස්රථ වර්ජනය පැවති දෙසැම්බර් 01දා පහරකෑමකට ලක්වූ බස් මගීන් ඇතුළු බස්රථ ධාවනය කළ රියදුරු කොන්දොස්තරවරුන් 23 දෙනෙකුට වන්දි ගෙවීම පසුගිය දා නාරාහේන්පිට පිහිටි ලංගම ප්‍රධාන කාර්යාලෙය් දී  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වෙයන් සිදු කෙරිණ.
     
    මෙම පහර කෑමට ලක්වුවන් අතර රාජකාරි සඳහා යමින් සිටි යුද හමුදා නිලධාරියකු වන නාවලපිටිය පදිංචි චන්දන සුමනරත්න මහතා ඇතුළු මගීන් 04 දෙනෙකු හා සේවයේ යෙදි සිටි බස්රථ රියදුරන් 18 දෙනෙකු හා කොන්දොස්තරවරයකු වේ.  ඒ අනුව පහර කෑමට ලක් වු හමුදා නිලධාරියාට රුපියල් 50,000/-ක වන්දියක් පිරිනැමු අතර සෙසු අයට රු. 25,000/-, රු.20,000/- බැගින් වන්දි මුදල් පිරිනැමීමට කටයුතු කරන ලදී.
     
    වන්දි මුදල්  ප්‍රදානයන්  වැඩවර්ජන දින ලංගම සේවක මහතුන් විසින් සිදුකරන ලද සේවය අගය කිරිමත්, ලංගම ප්‍රවාහන සේවාව පරිහරණය කරන ලද මගී ජනතාව අගය කරන අවස්ථාවක් බවත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් ලෙස එසේ කිරිමට ලංගමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් පෙන්වාදුන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා තමන්ගේ සේවකයන් ආරක්ෂා කිරිම, සේවයේ යෙදි සිටියදී ඔවුන්ට යම් අනතුරක් සිදුවුනා නම් හාම්පුතුන් ලෙස රැකබලා ගැනිම ලංගමයේ වගකීමක් බවත් පෙන්වා දුන්නේය.
     
    ලංගමයත් පෞද්ගලික බස් රථත් අතර වර්ථමානයේ පවතින තරඟකාරිත්වය අනුව ලංගම බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ද ලංගම බැදී සිටින බවත්  ඒ වගකීමත් අද දින ඉටු කර තිබෙන බවත් කීය.
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉතාම අඩුපාකම් මැද වඩා හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදෙන ආයතනයක් ලෙස තමන් දකින බවත් ඒ නිසා රජයට කිසි ලෙසකවත් ලංගමය පෞද්ගලීකරණය කිරීමට කිසිසේත් අවශ්‍යතාවයක් නොමැති බවත් මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
     
    පෞද්ගලික බස් රථ 21,000ක් රට පුරා ධාවනය කරන නමුත් ලංගම බස්රථ 5500ක් පමණක් ධාවනය කරන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික බස්රථ හා කරට කර තරඟ කරමින් මනා ලෙස ප්‍රවාහන සේවාවක් ලබාදීමට ලංගමය කටයුතු කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් සහ වෘත්තිය සමිති නායකියින් පිරිසක් ද සහභාගි වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya