මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව පිළිබඳව මාතර මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ

    දෙසැම්බර් 22, 2016
    ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් එක්දින වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - පීක්වැල්ල, ගඟ අද්දර හෝටලයේ දී පැවැත්විණි.
    මෙහි දී ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජනමාධ්‍ය ආචාර ධර්ම කෙතරම් වැදගත් වේද? යන්න පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් කරුණු පැහැදිලි කරන ලදි.
     
    ජාතික සංහිඳියාව ඇති කිරීම අරබයා ජනමාධ්‍යවේදියා හමුවේ ඇති අභියෝග සහ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්ධුල මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කෙරිණි. 
     
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමණසේකර මහතා තම දේශනයේ දී ජාතීන් අතර සමගිය ඇති කිරීමට ජනමාධ්‍යවේදීන් දායක වූ ආකාරය පිළිබඳව දේශීය හා විදේශීය නිදසුන් සහිතව කරුණු දක්වන ලදි.
     
    මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් හා  ජනමාධ්‍යවේදීන් සියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. 
     
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදි.
     
    මේ සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් සියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya