අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිජිටල් වෝහාරික පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

    දෙසැම්බර් 21, 2016

    දකුණු කොරියානු රජයේ ආධාර මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලද ඩිජිටල් වෝහාරික පුහුණු මධ්‍යස්ථානය ඊයේ (20) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    වර්තමානයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම හා ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම මෙමගින් අපේක්ෂිත කාර්යන් වනු ඇත.

     

    මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, දකුණු කොරියාවේ තානාපති, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම කොරියානු රාජ්‍ය ත්‍රාන්ත්රිකයන් පිරිසක් සහ මෙරට රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya