අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්

    දෙසැම්බර් 21, 2016

    විදේශ ගත වී සිටින ශ‍්‍රමිකයින්ගේ රෝහල් ගත වීම් පිළිබඳව සොයා බැලීම, නඩු කටයුතු සඳහා වියදම් කිරීම, සිරගතවී සිටින්නවුන් බේරා ගැනීම යන කාර්යයන් සඳහා පසුගිය වසරේ මිලියන 1,000ක මුදලක් විදේශ රැකියා අමාත්‍යංශය දරා ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    විදේශ ගත වී රැකියා කරන අතරතුරදී මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් සඳහා වන්දි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (20) ඇය මේ බව සඳහන් කළාය.

    විගමණීක ශ‍්‍රමිකයින්ගේ සුරක්ෂිත බව ආරක්ෂා කිරීම,  ඒ අයගේ අවශ්‍යතා හඳුනා ගැනීම, ඔවුන්ගේ සුබසාධනයන් නීතිරීති දැඩි කොට උපරිමව කටයුතු කරන බවත් ඒ සඳහා කාර්යාංශය සියලු වියදම් සිදු කරන අතර ඒ සඳහා සමහර පිරිස් අකමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

    රජයක් ලෙස විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන බව පෙන්වා දුන් ඇමැතිවරිය මෙම අමාත්‍යංශයට යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අනුයුක්ත නිළධාරීන් තිදෙනෙක් විදෙස්ගත පවුල්වල ශ‍්‍රමිකයින් පිළිබඳ සොයා බැලීමට පත් කර තිබෙන බව ද සඳහන් කළාය.

    පසුගිය ජනවාරි 8 පටන් ගත් ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය, එවන මුදලට වෙනදේ, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සොයාබැලීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක වන අතර එවැනි ප‍්‍රතිලාභ ලබාගැනීමට විදෙස් ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචි විදෙස් ගත වන ලෙස අමාත්‍යවරිය එම පවුල්වලින් ඉල්ලා සිටියාය.

    විදෙස් රැකියාවල නිරතවෙමින් සිටියදී මියගිය පුද්ගලයින් 39 ක් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සඳහා රු.මි.72ක මුදලක් ප‍්‍රදානය කිරීම සිදු විය. 2016 වසර මෙවැනි වන්දි ප‍්‍රදානයන් වැඩියෙන්ම සිදුකළ වර්ෂය වන අතර එම ප‍්‍රමාණය රු.මි.346කි.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසළ වීරකෝන් හා කන්සියුලර් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ එස්.එස්.ගනේගමආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya