සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීතයක්" යන්න අසත්‍ය ප්‍රවෘත්තියක්

    දෙසැම්බර් 11, 2016

    උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීතයක් යන ශිර්ෂ පාඨයෙන් ඊයේ (2016.12.10) දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී‍.කේ. සිවඥාණම් මහතා පවසයි.

    දිවයින පුවත්පත එම ප්‍රවෘත්තිය පළකර තිබුණේ සිවඥාණම් මහතාගේ ප්‍රකාශයක් ලෙසයි. එම පුවත්පතේ ප්‍රවෘත්තිය සිවඥාණම් මහතා තරයේ ‍ප්‍රතික්ෂේප කරයි.

     

    මේ පිළිබඳව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥනම් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇති ලිපියේ මෙසේ සඳහන් වෙයි.

     

    "සෙනසුරාදා දින (10) දිවයින පුවත්පතේ මුල් පිටුවෙහි පළකරන ලද ප්‍රවෘත්තිය වැරදි හා විෂමාචාර තොරතුරකි. උතුරු පළාත් සභාවට අවුරුදු තුනක් සම්පූර්ණ වන මේ මෙහොතේ අනික් පළාත් සභාවලට මෙන් ම උතුරු පළාතට ද වෙනම පළාත් ගීතයක් නිර්මාණය කළ යුතු බවට මා විසින් සභාවට ප්‍රකාශ කළේ නමුත් මගේ ප්‍රකාශය විකෘති කර එම පුවත්පත පළකර ඇත"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya