මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග නීති අනුව කටයුතු කරන්න අධ්‍යාපන ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    දෙසැම්බර් 09, 2016

    පසුගිය දා පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකට විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමට බාධා මතු කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිල්ලක් ලැබී ඇත.

    මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගෙන් අමාත්‍යවරයා සෘජුවම කරුණු විමසීමට කටයුතු කළ අතර මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසයි.

     

    එසේම කිසිදු අවස්ථාවක පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොකරන ලෙසත් කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමඟ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

     

    එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් සිහිපත් කරන අධ්‍යාපන අමාත්‍යවරයා මෙවැනි සිද්ධීන් දඩමීමා කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද සඳහන් කළේය.

     

    සියලු දරුවන් සඳහා විභාග නීතිය සමානව ක්‍රියාත්මක වන පසුබිමක කිසිවෙකුට හෝ විශේෂ සැලකීමක් දැක්වීමට හෝ අපහසුතාවයට පත් කිරීමට හෝ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේ සිදුවීම පිළිබඳ කරුණු සොයා බලා කරුණු වාර්තා කරන ලෙස විභාග කොමසාරිස්වරයාට දන්වා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya