අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වනදිවිය මාධ්‍ය කව” පිහිටුවීමට පියවර ගැනේ

    දෙසැම්බර් 10, 2016
    සියළුම පාසල් ආවරණය වන පරිදි රටපුරා “වනදිවිය මාධ්‍ය කව” පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
    වනජීවීන්  ඇතුළු පරිසරයේ තිබෙන වැදගත්කම අවබෝධ කරවීම හා වනජීවීන්ට හා පරිසරයට ආදරය කිරීමේ අරමුණෙන් සියලුම පාසැල් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව වනදිවිය මාධ්‍ය කව ආරම්භ කිරීමට කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
     
    පරිසරය සංරක්ෂණය නොකර කිසිදු ජීවියෙකුට අනාගතයක් නොමැති බවත් මිනිසාද පරිසරයේම කොටසක් ලෙස තේරුම්ගෙන වනජීවීන්ට හා පරිසරයට ආදරය කරන දරු පරපුරක් දැන් සිටම නිර්මාණය කිරීම  රටේ  අනාගතය වෙනුවෙන් වර්තමානයේදී කළ යුතු අත්‍යවශ්‍ය දෙයක් යැයිද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ  බව ප්‍රකාශ කළේ පාසැල් දරුවන් වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වු චිත්‍ර ඇදීමේ වැඩමුළුවක ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
     
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දිණමිණ පුවත්පත  සමග ප්‍රකාශයට පත්කරණු ලබන වනදිවිය  අතිරේකයට නිර්මාණ  ඉදිරිපත්කළ සිසුන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම හා චිත්‍ර වැඩමුළුවක් පැවැත්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
     
    “තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පාසල් දරුවන් වෙනුවෙන් මෙවැනි චිත්‍ර වැඩමුළුවක් පැවැත්වීම සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමට කටයුතු කිරීම ඉතාම වටිනා දෙයක්.
     
    පරිසරයට, සත්වයින්ට කුඩා කාලේ සිටම ආදරය කිරීම ඉතාම වැදගත්. අද ලෝකය මුහුණ පා තිබෙන ප්‍රධානතම ගැටළුව වන්නේ පරිසර විනාශයයි. පරිසර විනාශය වැඩිපුරම  සිදුවන්නේ මිනිසුන් අතින්මයි. එම නිසා පරිසරයේ තිබෙන වැදගත්කම කුඩා කාලයේදීම දරුවන්ට වටහාදීම ඉතාම වැදගත් වෙනවා. ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා තවත් අත්‍යවශ්‍ය කාරණයකට සහභාගීවන නිසා මේ අවස්ථාවට නොපැමිණියත් ඇමතිතුමාගේ සුභපැතුම් මේ අවස්ථාවට එක්කර තිබෙනවා.
     
    දිණමිණ පුවත්පතේ වනදිවිය අතිරේකය මඟින් මෙම දරුවන්ගේ නිර්මාණවලට අවස්ථාවක් ලබාදී එම නිර්මාණ එම පුවත්පතේ පළකිරීමට කටයුතු කිරීමත් තුළින් දරුවන්ට තමන්ගේ කුසලතා දැක්වීමට හොඳ අවස්ථාවන් ලැබී තිබෙනවා. ඊට අමතරව රුපවාහිනී වැඩසටහන් වලටද සහභාගීවීමට මෙම දරුවන්ට අවස්ථාව හිමිවෙනවා.
    අද මෙම චිත්‍ර වැඩමුළුවට අමතරව වනදිවිය මාධ්‍ය කවය දීප ව්‍යාප්ත පාසැල් මට්ටමින් පිහිටුවීමත් අද ආරම්භ කෙරෙනවා. වනදිවිය මාධ්‍ය කවය තුළින් පරිසරය රැකගැනීම, වනජීවීන්ට ආදරය කිරීම වැනි ගුණාංග රැසක් දරුවන්ට ලැබෙනවා. පාසැල් දරුවන් 50 කගේ චිත්‍ර අද ප්‍රදර්ශනයට ඉදිරිපත්කර තිබෙනවා. ඔවුන් සතුන්ට, පරිසරයට දක්වන ආදරය එම චිත්‍ර නිර්මාණවලින් දැකගන්න පුළුවන්.
     
    අද ලෝකය නවීන තාක්ෂණයත් එක්ක ඉතාම වේගයෙන් ගමන් කරනවා. තාක්ෂණය අවශ්‍යයි. නමුත් තාක්ෂණය ඕනෑවට වඩා ජීවීතයට ඇතුළු වු‍ණොත් ඒක යහපත් මිනිසෙකු බිහිකිරීමට බාධාවක් වෙන්න පුළුවන්. පාසල් දරුවන් වුණත් අනවශ්‍ය ලෙස පරිගණකයටම කොටුවීම එතරම් යහපත් නැහැ. පොත පත කියවන්න ඕන. සත්වයින්ට පරිසරයට ආදරය කරන්න ඕන. එවිට යහපත් පුරවැසියන් වෙන්න පුළුවන්.
     
    මෙහිදී පාසැල් දරු දැරියන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය ද නියෝජ්‍ය අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක්වූ අතර එම දරු දැරියන්ට සහතික පත්‍ර හා තිළිණ ප්‍රදානය කිරීමද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය අතින් සිදුකෙරිණි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya