අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත වූ යෝජනා

    දෙසැම්බර් 09, 2016

    “සිරිකොත” එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත කර ගනු ලැබූ යෝජනා පහත සඳහන් පරිදි වේ.

    යෝජනා අංක 01

    2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී, අප ජනතාව වෙත ඉදිරිපත් කළ “පංච විධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන අයුරින් යහපාලන මූලධර්ම රාජ්‍ය ක්ෂේත්‍රයට තවදුරටත් කාවදින ලෙස ද, ප්‍රාදේශීය නියෝජනයන් ශක්තිමත් කර ප්‍රාදේශීය වශයෙන් පවතින අසමානතා දුරුවන අයුරින් ද, මානව හිමිකම් තවදුරටත් ශක්තිමත් කරමින් ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අසමානතා දුරුකර සමානතාව ශක්තිමත් කරන අයුරින් ද වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිණිස මීළඟ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ සමඟ කටයුතු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බැවින් එකී ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතා අනුමැතිය හිමි වූ පරිදි ඒකීය රාජ්‍යයක් යටතේ සියලු දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගැනීමට තීරණය කර ඇත.

     

    පාර්ලිමේන්තුවට වගකියන අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීම ඔස්සේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින්, දැනට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාවිතා කරනු ලබන විශේෂ බලතල එසේම පවත්වාගෙන යාමට ද මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ඨාශ ක්‍රමය පදනම් කරගෙන මැතිවරණ පැවැත්වීමටද, හැකිවන අයුරින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම යළි සහතික කර තිබේ.

     

    ඒ අනුව අනු කමිටු හය විසින් ඉදිරිපත් කළ වාර්තාවන් සහ අනාගතයේ මෙහෙයුම් කමිටුවේ අනුමැතියෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව ද සැලකිල්ලට ගනිමින්, අප විසින් ලද ජනවරමට අනුකූල කරුණු සඳහා එකඟත්වය ප්‍රකාශ කිරීමට ද, සම්පූර්ණ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසු, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයට යටත්ව ඊට අනුමැතිය ලබා දීමට ද, කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය  කර තිබේ.

     

    යෝජනා අංක 02


    ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් හිමිකම් හා නිදහස, මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය පමණක් නොව, පාර්ලිමේන්තු බලතල ද පාගා දමමින්, අඳුරු පවුල් ඒකාධිපතිත්වයක් කරා ඇද දැමුණු අපේ මාතෘ භූමිය, ජනවාරි 08 වන දා විප්ලවය මගින් ගලවා ගෙන, යළි ඉහළට ඔසවා තැබීමේ අභියෝගාත්මක සත්කාර්යයට දායක වූ සියලු සමාජ කොටස් වෙත සිය කෘතවේදීත්වය යළි පළ කරන කෘත්‍යාධීකාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ස්ථාපිත කෙරුණු සම්මුතිවාදී යහපාලන ජාතික ආණ්ඩුව මගින් එළැඹුණු ප්‍රතිපත්ති සඳහා සහාය ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟත්වයට පැමිණ තිබේ.

     

    ජාතික සංහිදියාව ශක්තිමත් කිරීම, බිඳ වැටුණු ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ගොඩ නැංවීම, නිදහසේ ජීවත්වීමේ අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, පාර්ලිමේන්තුව බලගැන්වීම, රට ණය බරින් මුදවා, කඩාවැටුණු ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරලීම උදෙසා ගත් පියවර හා සිදු කළ ප්‍රතිසංස්කරණ අගය කරමින්, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටු පිහිටුවීම, කෝප් ඇතුළු අනෙකුත් කමිටුවල ස්වාධීනත්වය බල ගැන්වීම, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හා සැලසුමක් යටතේ ඉන්දීය සාගරයේ සංවිධාන සහ ව්‍යාපාර ශක්තිය සතු කේන්ද්‍රස්ථානය බවට පත් වීමට සහ ධරනීය සංවර්ධනය අත්පත් කර ගැනීමට විධිමත් වැඩ පිළිවෙළක් දියත් කිරීම, නිවාස පන්ලක්‍ෂය, ග්‍රාමීය නිවාස, නාගරික පුනර්ජීව නිවාස, වතු නිවාස සහ නැවත පදිංචි කරවීමේ වැඩසටහන් යටතේ නිවාස හිමි සමාජයක් බිහි කිරීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් පුළුල් කරලීම ඇතුළු ජනතා හිතවාදී සංවර්ධන ක්‍රියාදාමයන් ඔස්සේ ශ්‍රී ලාංකේය ජාතිය දැනුමෙන් හා ආර්ථික ශක්තියෙන් පොහොසත් බලවත් ජාතියක් බවට පත්කරලීම උදෙසා ජාතික ආණ්ඩුව වෙත සහය ලබා දීමට කෘත්‍යාධීකාරී මණ්ඩලය එකඟත්වය පළ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya