නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් ජයග්‍රාහකයන් ඇගයේ

    දෙසැම්බර් 08, 2016

    මෙවර අයවැය යෝජනා මගින් උසස්පෙළ සිසු දරුවන් 175,000 ක් සහ උසස්පෙළ ගුරුවරුන් 28,000 ක් වෙත ටැබ් පරිගණක ලබා දෙන බවත් විධිමත් නියාමනයකට යටත්ව ලබාදෙන එම ටැබ් පරිගණක සඳහා විෂය නිර්දේශ, පෙළ පොත්, ඊ පොත් සහ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග ඇතුළත් කරන බව ද ඒ සඳහා ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සහයෝගය ලබාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති 2016අන්තර් ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වූ පාසල් දරුවන් ඇගයීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (07) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    නොවැම්බර් මස 09 වෙනි දින සිට 13 වෙනි දින දක්වා ඉන්දුනීසියාවේ  දී පවත්වන ලද 2016 අන්තර් ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී  පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 11‍‍‍‍‍‍‍‍ ක් ජයග්‍රහණය ඇත.

     

     
    2016 අන්තර් ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී  ඉන්දිර කෙහෙනු බණ්ඩාර සන්දිරිගම, මලියදේව (පිරිමි) විද්‍යාලය,කුරුණෑගල, වීරකොණ්ඩ ආරච්චිගේ හවිදු දුලාජ් ප්‍රනාන්දු, රාජකීය විද්‍යාලය. කොළඹ සහ සවිදු අමාන් කහඳගමගේ, රිච්මන්ඩ් විද්‍යාලය,ගාල්ල යන සිසුන් රිදී පදක්කම් හා සහභාගිත්ව සහතික  ලබා ගත් අතර,  ඩෙහාන් නිසාජ දම්සෙත් කරුණාතිලක, ධර්මරාජවිද්‍යාලය,මහනුවර, දිසානායක මුදියන්සේලාගේ රනාලි පාරින්දියා රත්නවීර,මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, සෙනෙවිරත්නලාගේ දහම්සි හිරුණිකා සෙනෙවිරත්න, මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, පටබැදි මද්දුමගේ තිනාරා මෙත්නදී, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,බදුල්ල, ලොකු පොන්නම් පෙරුමලාගේ දිලාන් විශ්ව නයනජිත්, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය,පොලොන්නරුව, ලියන පතිරණහෙලගේ නවෝද්‍යා සචින්තනී ලියනපතිරණ, මලියදේව (බාලිකා) විද්‍යාලය,කුරුණෑගල, රජමුනි දේවගේ ලිතිල චන්දූප කුලරත්න, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,බණ්ඩාරවෙල යන සිසු දරුවන්ලෝකඩ පදක්කම් හා සහභාගිත්ව සහතික ලබා තිබෙනවා. රත්නායක මුදියන්සේලාගේ විකසිත කැලුම් චාමර, පස්සර මධ්‍ය විද්‍යාලය,බදුල්ල, වේලුසිවනේස්වරන් කවිෂානී, බදුල්ල දමිළ (බාලිකා) මහා විද්‍යාලය,බදුල්ල සහසන්ද්‍රකාසන් තනිෂ්කර්, පස්සර දමිළ මහා විද්‍යාලය,බදුල්ල  යන සිසු දරුවන් සහභාගිත්ව සහතික ලබා ගත්හ.

     

    ඔවුන් ඇගයීම සඳහා පැවති මෙම උත්සවයේ දී ජයග්‍රහණ ලබා ගත් සිසුන් වෙත පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු වූ අතර ගණිත සහ විද්‍යා අංශවල අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya