අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දා බිඳු මුතු” සමෘද්ධි වෙළඳ ප්‍ර‍ර්ශනය ආරම්භ වෙයි

    දෙසැම්බර් 07, 2016

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව  සංවිධානය කළ සමෘද්ධි ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ඒකරාශි කරමින් සමෘද්ධී “දා බිදු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය ඊයෙ (06) අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන්  බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

    මෙම ප්‍රදර්ශනය අද (07) සහ හෙට (08) දෙදින ද බත්තරමුල්ල දියත උයනේ දී පැවැත් වේ.

     

    සමෘද්ධි ව්‍යාපාරය මඟින් මේ වන විට අඩු ආදායම්ලාභි ජනතාවට සහනාධාර ලබාදෙමින්, යටිතල පහසුකම් නංවමින්, බැංකු ක්‍රමයකට ජනතාව හුරු කරමින්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයමින් දිවයින පුරා ලක්ෂ පහකට වැඩි ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් බිහිකර ඇත.

     

    ඔවුන්ගෙන් වැඩි පිරිසක් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ය. වෙළඳපොලෙහි ඇති දැඩි තරඟකාරිත්වය නිසාම ස්ථාවර වෙළෙඳපොලක් සකස්කර ගැනීම හා වෙළෙඳපොළ පුළුල් කරගැනීම ඔවුන්ට ඇති ප්‍රධාන ම අභියෝගය විය. සමෘද්ධි වැඩසටහන ගැන උපරිම විශ්වාසය තැබූ ඔවුන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන්ට වෙළෙඳපොල අවස්ථා උදාකර දීම සමෘද්ධි “දා බිදු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.

     

    මේ සඳහා සහභාගි වන ව්‍යවසායකයන් අතුරින් හොඳම ව්‍යවසායකයන් 10 දෙනකු තෝරාගෙන ඒ අයට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදි සිදු වේ.

     

    මෙම වෙළෙඳ ප්‍රදර්ශනයෙන් ඔබට, අත්කම් නිෂ්පාදන,  අත්යන්ත්‍ර නිෂ්පාදන - සාරි, බෙඩ් ෂීඩ්, මේසරෙදි හා අත්පිස්නා ,එළවළු පැල හා විසිතුරු පැල කම්මල් උපකරණ, කජු , කුළුබඩු නිෂ්පාදන, චිත්‍ර නිර්මාණ ,ගෘහ භාණ්ඩ , ධාන්‍ය වර්ග ඉතා පහසු මිලට මිලදී ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya