මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් වර්ජනයේදී තුවාල ලැබූ හමුදා සෙබලාගේ තත්ත්වය තවමත් බරපතලයි

    දෙසැම්බර් 06, 2016

    පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය සිකුරාදා ශ්‍රී ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදී ගල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ හමුදා සෙබළා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටි.


    මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කන්කසන්තුරේ හමුදා කදවුරක සේවයේ යෙදී සිට පසුගිය දෙවනදා රාත්‍රියේ සිය උපන් ගම වන නාවලපිටිය බලා ගමන් ගත් යුධ හමුදා සෙබල චන්දන ශාන්ත සුමනරත්න මහතා (38 ) ය. මැදවච්චිය ඉකිරි ගොල්ලෑවේ දී ඔහු ගමන් ගත් බස් රථයට මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත.

     

    සුමනරත්න මහතාගේ නළල ප්‍රදේශයට තදබල පහරක් වැදී ඇති බවත් ඔහු සැත්කමකට භාජනය කළ බවත් අනුරාධපුර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් හොහම්දිරම්ගේ මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසීය.

     

    මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැතැයි පරීක්ෂණ පවත්වන මැදවච්චිය පොලීසිය සඳහන් කරයි.

     

    තුවාල ලබා සිටින හමුදා සෙබලා නාවලපිටිය, බලන්තොට, නව ශාන්තගම පදිංචිකරුවකු වන අතර දෙදරු පියෙකි. ඔහු අනතුරට ලක් වූ බව දැනගැනීමට ලැබිමෙන් පසුව ඔහුගේ බිරිද සහ ඥතීන් ද අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිටියහ.


     
    මේ අතර ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත එම ඥාතීන්ට රෝගියා රෝහල්ගතව සිටින කාලය තුළදී එම රෝගියා බැලිමට ලංගම බස්රථ වලින් පැමිණීමට නිදහස් ගමන් බලපත්‍ර ලබාදී ඇත.

     

    එමෙන්ම මෙම රෝගියා සේවය කරන ලද යුධ හමුදා කදවුරේ මැදිහත්වීමෙන් පවුලේ ඥාතින්ට රෝගියා බැලීමට රෝහලට පහසුවෙන් යාමට හැකිවන පරිදි නවාතැන් පහසුකම් සපයා තිබේ.

     

    Anu pura 2


    සුනරත්න මහතා බැලීමට පැමිණි ඔහුගේ බිරිඳ රෝහලේදී

     

    anurapura 3

    රෝගියා බැලිමට ලංගම බස්රථවලින් පැමිණීමට නිදහස් ගමන් බලපත්‍ර ඥාතියෙකුට ලබාදීමේ අවස්ථාව

     

    ඡායා රූපය හා වාර්තාව අනුරාධපුර ෂෙල්ටන් බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya