මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෞතුක තොරතුරු ජංගම දූරකතනයෙන් හෝ ටැබ් පරිගණකයෙන්

    දෙසැම්බර් 06, 2016

    මෙරට කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

    ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නගා තිබෙන බවත් තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් ඉදිරියේදී මෙම පහසුකම අත්විඳ ගැනීමට ඉඩ සැළසෙන බවත්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

     

    මේ අනුව කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද හැකිවේ. තවද ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත  ජායාරූප ද එක්කර තිබේ.

     

    මෙමගින් විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ‍කෞතුක වස්තූන් නරඹන්නන්ට  වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වන බව නියෝජිතායතනය පවසයි.

     

    මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සහ  දඹාන යන කෞතුකාගාර නරඹන්නන්ට මේ වන විට මෙම පහසුකම බුක්ති විදීමට හැකිවේ.

     

    කොළඹ ජාතික කෞතුකාගාරය මෙන්ම  ජාතික ස්භාවික විද්‍යා කෞතුකාගාරය සඳහා ද මෙම පහසුකම ලබන වසර මුල වන විට හඳුන්වා දීමට නියමිතය.

     

     මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ භාගත (Download) කර ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya