මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පත්තලගෙදර ගබඩාව අධ්‍යාපන ඇමැතිගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි

    දෙසැම්බර් 06, 2016

    මහජන බදු මුදලින් මිල දී ගත් අහිංසක දරුවන්ට උරුම සම්පත් විනාශ වී යාම පිළිබඳ වගකිව යුත්තනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය සහ විද්‍යාගාර උපකරණ ඇතුළු වටිනා සම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්තලගෙදර ගබඩාවේ විනාශ මුඛයට යමින් පවතින බවට ලද තොරතුරකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (05)  එහි හදිසි සංචාරයක නිරත වූ අතර එහි දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ගම්පහ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය අසල ඉඩමක ස්ථාපිත කොට ඇති පත්තලගෙදර ගබඩාව තුළ දිවයිනේ සියලුම පාසල් හා විද්‍යාපීඨ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය, විද්‍යාගාර උපකරණ ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කොට තිබේ.

     

    පත්තලගෙදර ගබඩාවේ සිදු වූ ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට අමාත්‍යවරයා විසින් පත් කළ විශ්‍රාමික විගණන අධිකාරීවරයෙක් යටතේ විශේෂ විමර්ශනයක් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගේ මුදල් නාස්තියකින් තොරව උපරිම ඵලදායිතාවයකින් යුතුව භාවිතා කිරීමට කටයුතු කරන අතරතුර ඇතැම් නිලධාරීන් විසින් රාජ්‍ය මුදල් නාස්තිකර දමමින් සිදු කර ඇති මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව තමන් දැඩිව කටයුතු කරන බවයි.

     

    එමෙන්ම ඉදිරියේ දී මෙවැනි රාජ්‍ය සම්පත් විනාශ වීම වැළක්වීමට උපරිම පියවර ගන්නා බවත්, සියලුම ආකාරයේ දූෂණ අක්‍රකමිතා නවතා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා  අධ්‍යාපන අමාත්‍යාංශය අභ්‍යන්තරයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් මේවන විටත්  සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya