මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල පද්ධතියේ පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්වවිද්‍යාලයට

    දෙසැම්බර් 05, 2016

    මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ නව තාක්ෂණ පීඨ 5ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආරම්භ කරමින් එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම එම පීඨයට අද (12) ඇතුළත් කර ගත් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    අනාගත රැකියා ඉල්ලුමට ගැලපෙන පරිදි උපාධි පාඨමාලාවන් නවීකරණය කිරීම නව රජයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්ති අතර මූලික ස්ථානයක් ගන්නා බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

     

    තාක්ෂණ විෂය සඳහා ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් කරගන්නා පළමු ශිෂ්‍ය කණ්ඩායම ද මෙය වේ.

     

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආරම්භ වන තාක්ෂණ පීඨය සඳහා සිසු සිසුවියන් 160 දෙනෙකු උපාධි පාඨමාලාවන් දෙකක් වෙනුවෙන් ඇතුලත් කරගැනීමට නියමිතයි. ඒ යටතේ කෘෂිකර්ම තාක්ෂණවේදය සඳහා සිසුන් 85 දෙනෙකු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සඳහා සිසුන් 75 දෙනෙකු ඇතුලත් කර ගැනේ.

     

    සිව් වසරක පූර්ණ ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. එහිදී රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන පරිදි ප‍්‍රායෝගික ක‍්‍රියාකරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබීම මෙම පාඨමාලාවේ විශේෂ ලක්ෂණයක් වේ. ඒ සඳහා අවශ්‍ය වන නවීන විද්‍යාගාර පහසුකම්, ගොවිපලක් ඇතුළු පහසුකම් රැසක් විශ්වවිද්‍යාලය සතුව පවතී.

     

    පාඨාමාලාවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්ෂණ මූලික පාඨමාලා එළඹෙන ජනවාරි මස ආරම්භ වේ. සියලු සිසුන් වෙනුවෙන් පූර්ණ නේවාසික පහසුකම් ද හිමිවන මෙම තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය එම්.ජී.එම්.තාරික් මහතා කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya