මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩරට නායකයින් රාජ්‍ය ද්‍රෝහීන් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට නිර්දේශ

    දෙසැම්බර් 05, 2016

    1818 උඩරට කැරැල්ල මෙහෙය වු කැප්පෙට්ටිපොල අධිකාරම් ඇතුළු උඩරට නායකයින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සළකා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රි විසින් 1818 ජනවාරි මස 10 වන  දින ගැසට් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිතුමන්ට  නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    1815 දී කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ  යටත් විජිතයන් බවට පත් විමෙන්  පසුව ඉංග්‍රිසි රාජ්‍යට එරෙහිව 1818 වර්ෂයේදි උඩරට සිංහල නායකයින් විසින් දියත් කරන ලද ජාතිය බේරා ගැනිමේ සටන බ්‍රිතාන්‍ය රජයට එරෙහිව දියත් කළ රාජ්‍ය ද්‍රෝහී  කැරැල්ලක් ලෙස සලකා පරාජයට පත් කිරීමෙන් අනතුරුව එම ජාතික සටනට සම්බන්ධ ප්‍රධාන නායකයින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සළකා එවකට ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබේ.

     

    ඒ අනුව රොබට් බ්‍රවුන්රි විසින් කැප්පෙටිපොළ මහාධිකාරම්තුමන්  ඇතුලු සිංහල නායකයින් 19 දෙනෙකුගේ නම් 1818.01.10 අංක 851 දරණ ලංකා ගැසට් පත්‍රයේ පළ කරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර ඇත.

     

    මෙම ගැසට් පත්‍රය නිකුත් කර වසර 200කට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර එම ගැසට් පත්‍රය මේ වනවිටත් අවලංගු කර නොමැති නිසා අමාත්‍යවරයා මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

     

    1815 ඉංග්‍රිසින් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනිමෙන් පසු සිංහල නායකයින්ගේ උපදෙස් මත පරිපාලන කටයුතු මෙහෙය වන බවට ගිවිසුම් ගත වු නමුත් වසර තුනකටත් වඩා කෙටිකාලයක් තුළ උඩරට නායකයින් සමඟ එළඹුනු ගිවිසුම් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යයන්ට රිසි ලෙස දැඩි පාලනයක් ගෙන ගියේය. එම පාලනයට එරෙහිව ඉංග්‍රිසින්ගෙන් රට බේරා ගැනිම සඳහා කැප්පිටිපොළ දිසාවේ කිව්ලේගෙදර මොහොට්ටාලේ ගොඩගෙදර රටේ අධිකාරම් ඇතුළු සිංහල සෙන්පතියන් විසින් මෙහෙයෙ වන ලද ජාතික සටන පරාජය විමෙන් අනතුරුව ඔවුන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ.

     

    මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිතුමන්ට නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම නායකයින් හා ඔවුන්ගේ පවුල්වලට බ්‍රිතාන්‍ය රජය යටතේ සිදු වු පීඩාවන්වලට සාධාරණයක් ඉටු කර ඔවුන් ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් කළ ජාතික වීරවරයන් ලෙස පිළි ගැනිමට ලක් කිරීම සඳහා මෙම පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    මේ අනුව 1818 ජනවාරි 10 වන දින අංක 851 දරණ ගැසට් පත්‍රය මගින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් රාජ්‍ය ද්‍රොහීන් ලෙස නම් කළ  කැප්පිටිපොළ දිසාවේ , ගොඩගෙදර රටේ අධිකාරම් , කැටකාල මොහොට්ටාලේ , මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ,  යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ,කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙලා රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ  හා පල්ලේ මල්හෙයායේ  ගමැතිරාලේ යන  සිංහල නායකයින් මේ අනුව  ජාතික වීරවරයින් ලෙස නම් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත  නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

     

    මෙම උඩරට කරැල්ලට සම්බන්ධ වු කැප්පෙට්ට්පොල මහ අධිකාරම් ඇතුළු අනෙකුත් උඩරට නායකයින්ගේ  පවුල්වලට සම්බන්ධ යම් තොරතුරක් හෝ එම පරපුරවලින් පැවතෙන ඥාතීන් හෝ ඥාතී සමුහයන් ඇත්තේ වී නම් එම පවුල්වලට අදාල තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ලබ දෙන්නැයි ද අධිකරණ අමාත්‍යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya