අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තය නගා සිටුවීමට දැවැන්ත වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 05, 2016
    විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තම හැකියාවන් හා ධීවර ක්ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම් අනුව ධීවර කර්මාන්තයේ වගේම ධීවර ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ “නිල් ආර්ථික” වැඩපිළිවෙල පිළිබදව “නාරා ”ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා පසුගියදා පැවති සාකච්ජාවකදීය.
     
    මෙහිදී යෝජිත “නිල් ආර්ථික” වැඩපිළිවෙල පිළිබද සවිස්තර පැහැදිලි කිරීමක් කල අතර ඒ සදහා “නාරා ”ආයතනයේ දායකත්වය කෙසේ විය යුතුද යන්න පිළිබදවද කතිකාවතක් සිදුවිණ .
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ පරම්පරාවෙන් ධීවරයකු වන තමාට ධීවර කරමාන්තය මෙහෙය විය යුත්තේ කුමන දිශාවකටද යන්න ගැන දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති බවය. තමා කොරියාවේ සිදුකල සංචාරයේදී ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා නවීන තාක්ෂණය උප යෝගී කර ගත යුතු ආකාරය පිළිබද පැහැදිලි අවබෝදයක් ලබා ගත් බවත් , ධීවර කර්මාන්තය ආශ්‍රීතව ලබා ගත් අත්දැකීම් , දැනුම උපයෝගී කර “නිල් ආර්ථික ”වැඩපිළිවෙල හදුන්වා දීමට කටයුතු කල බවය .
     
    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය “ රටවටා ඇති මේ සාගරයේ අසීමිත සම්පත් තියෙනවා . රට සංවර්ධනය කරන්න ඒ සම්පත් ඇති . වෙලා තියෙන්නේ සාගර සම්පත් නිවැරදිව හදුනාගෙන එහි ප්‍රතිලාභ රටට අත් කරදීමේ නිවැරදි වැඩපිළිවෙලක් නොමැති වීමයි . ඒ නිසයි මම මේ වැඩපිළිවෙල හදුන්වලා දීලා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින්නේ .”
     
    “ අපේ සාගරයට දිනපතා විශාල අපද්‍රව්‍ය තොගයක් එක් වෙනවා . බහුදින යාත්‍රා 5,000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා . මේ සෑම බහුදින යාත්‍රාවක්ම මුහුදු යද්දී වතුර බෝතල් විතරක් ගෝනි හය හතක් ගෙනියනවා . ඊට අමතරව තවත් බඩු ගොඩාක් ගෙනියනවා . නැවත ගොඩබිමට එද්දී මේ සියල්ල මුහුදට දාල එන්නේ . සැතපුම් සියගණනක් ඈත මුහුදට දැම්මත් ඒ සියල්ල වෙරළට ගොඩ ගහනවා . ඒ වගේම තමයි වෙරළාසන්නව පිහිටි කොරල් පර වල මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් අපේ විසිතුරු මත්ස්‍ය සම්පත සම්පුර්ණයෙන් විනාශ වීමේ තර්ජනයකට මුහුණදීලා . විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමය සමග එක්ව එහි පලමු පියවර අපි ත්‍රිකුණාමලයෙන් ආරම්භ කළා . ඒ කිමිදුම්කරුවන් හා බෝට්ටු 60 කට වැඩිය යොදාගනිමින් . එහිදී පැය 4කටත් අඩු කාලයක් තුල කොරල් පර වල තැන්පත්ව තිබු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ට්‍රැක්ටර් 20 වැඩි ප්‍රමාණයක් ඉවත් කළා . ඒ ප්‍රායෝගිකව ලද අත්දැකීම් නිසා මම කැබිනට් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළා . නිලධාරීන්ට මම උපදෙස් දුන්න නව නීති පනවන්න කටයුතු කරන්න කියලා . 
     
    මෙම සාකච්ජාවට “නාරා” ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න , අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික ඉද්දමල්ගොඩ යන මහත්වරුන් ප්‍රමුඛ එහි විද්‍යාන්ඥයන් ,පර්යේෂණ නිලධාරීන් ඇතුළුව අංශ ප්‍රධානින් සහභාගී වී සිටියහ .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya