අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නීති රේගුලාසි හමුවේ රථ වාහන අනතුරු 10% කින් අඩු වෙයි

    දෙසැම්බර් 04, 2016

    ගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩු වී ඇති බව රථ වාහන පොලීසිය සඳහන් කරයි.

    රථ වාහන පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දිමට යන නව නීති  රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩු වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

     
    දිනපතා පොලිස් ස්ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125ත් අතර වේ. ඉන්, අනතුරු 40-50ත් අතර සංඛ්‍යාවක් බරපතල තත්ත්වයේ සිද්ධි බව පොලීසිය පෙන්වා දෙයි.

    එහෙත් පසුගිය දෙසතිය තුළ  දිවයින පුරා පොලිස් ස්ථානවෙත දෛනිකව වාර්තා වි ඇති  රථ වාහන අනතුරු සංඛ්‍යාව 90ත් 100ත්  ලෙස පහල  ගොස් ඇති  බව පොලිසිය සඳහන්  කරයි.

    2015 වසරේ රථවාහන අනතුරු 40,000 කට ආසන්න සංඛ්‍යාවක් පොලීසියට වාර්තා වී තිබේ. එම අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,799 කි. 15,000ක්  පමණ එම අනතුරුවලින්  බරපතල තුවාල ලබා ඇත.

    2014 වසරට පෙර,  රථවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය  සංඛ්‍යාව සමස්තයක් ලෙස 6 දෙනෙකි. එම සංඛ්‍යාව 2015 සහ 2016 වසර වලදී ඉහල ගොස් ඇත.  ඒ අනුව 2015 වසරේ රථවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය  ගණන  7-8 ත් අතර පිරිසක් බව පොලිස් සංඛ්‍යාලේඛන  තහවුරු කරයි.

    එහෙත්  පසුගිය මාස එකහමාර තුළ,  එසේ  රථ වාහන අනතුරු  හේතුවෙන්  දෛනිකව මිය ගිය සංඛ්‍යාව  5-6ත් දක්වා   පහත වැටි  ඇත.  මෙසේ  රථ වාහන අනතුරු  අඩුවිමට  ප්‍රධාන  හේතුව  රථ වහන  අනතුරු  අවම කිරීම  සඳහා   රජය  හදුන්වාදෙන  නව  නීති රීති  බව  රථ වාහන පොලීසිය වැඩිදුරටත්  පෙන්වා දෙයි.

    මේ  අතර  කොළඔ  ජාතික රෝහලට,  දිනකට  රථ වාහන අනතුරු   හේතුවෙන්   ඇතුලත්  කරන  සංඛ්‍යාව ද    ලෙස  පහළ  ගොස්  තිබේ.

    කොළඔ ජාතික රෝහලේ   හදිසි අනතුරු   අංශයට   දිනපතා  හදිසි අනතුරුවලින් රෝහල් ගතකරන සංඛ්‍යාව 350, 400ත්  අතර වේ.  ඉන්  22%ක්   රථ වාහන අනතුරු හේතුවෙන්  ප්‍රතිකාර  ලබා ගැනිම සඳහා  ඇතුළු වන්නන්ය.

    නමුත් පසුගිය  දෙසතිය තුළ  රථ වාහන අනතුරු  හේතුවෙන්  රෝහල් ගත කරන සංඛ්‍යාව 22% සිට 18%  දක්වා   පහල බැස ඇති බව කොළඔ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ  හෙදි නිලධාරිණී පුෂ්පා රම්‍යානී  සොයිසා  මෙනවිය ප්‍රකාශ කළාය.  

    මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිට  රියදුරු බලපත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක්  වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලය  වෙත පැමිණෙමින් සිටින බවයි.

    මුදල්   අමාත්‍ය රවී කරුණානායක මහතා   පෙන්වා  දෙන්නේ  රථ වාහන  අනතුරු  අවම කිරිම  සඳහා   රජය හඳුන්වාදී ඇති නව   නීති රීති  හේතුවෙන්   මෙවැනි  පරිවර්තනයක්  සිදුවීම ජනතාවගේ  පාර්ශවයෙන්  ඔවුන් ලද සුවිශාල  ජයග්‍රහණයක් බවයි.

    රජයක්  ලෙස  ජනතාවගේ  සුරක්ෂිතතාවය ශක්තිමත්  කළ යුතු බවත්  සුළු පිරිසකගේ  පටු උවමනාවන්  හමුවේ   බහුතර ජනතාවකගේ  අයිතීන්  පවා දිමට රජය   සුදාණම්   නොමැති   බැවින්  මෙම ක්‍රියාදාමය  හමුවේ  සමස්ත ජනතාව  රජයට  ලබා දෙන  සහයෝගය  වෙනුවෙන්  තමන්  ඔවුන්ට   ප්‍රණාමය පුදකරන  බවත්  මුදල්   අමාත්‍ය රවී කරුණානායක මහතා  අවධාරණය  කර සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya