නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ලබන ජනවාරියේදී

    දෙසැම්බර් 04, 2016

    ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමඟ සෘජු හා වක්‍ර රැකියා රාශියක් ද නිර්මාණය වන අතර,  මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව ද මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇත.

     

    අමාත්‍යවරයා  මේ අදහස් පළ කළේ, නව රජයේ අධ්‍යාපන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහනක් වන "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ව/ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ පරිපාලන ඒකකය සහිත නව දෙමහල්ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

     

    මීට සමගාමීව ව/ගිරි හොරොම්බාව මහ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ලට, කුලි/කිතලව පූගල්ල මහ විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලට හා කුලි/කිරින්ද මහවිදුහලේ දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමේ උත්සවයන්ටද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියා දා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya