අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් වර්ජනයට මුහුණුදීමට ලංගම බස් 6100ක්

    දෙසැම්බර් 02, 2016

    මේ වන විට ක්‍රියාත්මක පෞද්ගලික බස් වර්ජනයට මුහුණ දීම සඳහා අද දිනයේ ලංගම බස්රථ 6100ක් ධාවනයෙහි යෙද වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට අද (02) පැවසීය.


    ලංගමය විසින් සාමාන්‍යයෙන් දිනකට සේවයෙහි යොදවන්නේ බස් රථ 5900ක් පමණී. දුර සහ කෙටි ගමන් සේවාවන්ට කිසිදු බාධාවක් නොවන පරිදි වැඩිපුර තවත් බස්රථ 200ක් ධාවනයෙහි යෙද වූ බව ද සභාපතිවරයා කීය.

     

    මේ අතර ප්‍රාදේශීය ඩීපෝ අධිකාරීවරුන් දැනුවත් කරමින් සියලුම ලංගම බස්රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මිකයින් ආදී සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    ධාවනයෙහි යෙදෙන ලංගම බස්රථවලට පූර්ණ ආරක්ෂා ඉල්ලා තමා පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ඊට අමතරව පොලිස් ඡංගම මුර රථ යොදා ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා බස්රථ ගාල්වලට සහ රාත්‍රී බස්රථ නතර කර තිබෙන ස්ථානවලට ද පොලිස් ආරක්ෂාව යොදා තිබෙන බව ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya