අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පර්යේෂණ වෙනුවෙන් ගෙවීම් වැඩි කිරීමට සූදානම්

    දෙසැම්බර් 02, 2016

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ සඳහා අධ්‍යාපන පද්ධතියේ නිරතව සිටින සියලු දෙනාට ආරාධනය කරන බව ඊයේ (01) මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති පාසල් පාදක සාර්ථක ගුරු ව්‍යවහාර ප්‍රචලිත කිරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    දැනට ක්‍රියාත්මක පාසල් පාදක ගුරු සංවර්ධන ව්‍යවහාර, සමස්ත අධ්‍යාපන පද්ධතියේ සිටින නිලධාරීන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ. ශිෂ්‍ය සංවර්ධනය ඉලක්ක කරගනිමින් ගුරු සංවර්ධනය සිදු කළ යුතු අතර එම ක්‍රියාවලිය සාමූහිකව හා පාසලේ ගුරු සංවර්ධන අවශ්‍යතා මත පදනම් වූ අඛණ්ඩ වැඩපිළිවෙළක් බවට පරිවර්තනය කිරීම සඳහා පාසල් නඟා සිටුවීමේ වැඩසටහන යටතේ පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

     

    මෙම සම්මන්ත්‍රණය සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් හා කලාපවල පාසල් පාදක ගුරු සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරීන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් හා ගුරුවරුන්ගෙන් සමන්විත 400 ක පමණ පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya