අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු තමිල්නාඩුවට නාඩා සුළි කුණාටුවේ බලපෑම ඇති වීමේ ලකුණු

    දෙසැම්බර් 01, 2016

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති (“නාඩා”) සුළි කුණාටුව මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති අතර එය තවදුරටත් දුර්වලවන ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

    එය දැනට කන්කසන්තුරය සිට කි.මී. 140ක් පමණ ඊසාන දෙසින් පවතින අතර එය වයඹ ‍‍දෙසට බරව ‍ ගමන් කරනු ඇතැයි අ‍පේක්ෂා ‍කෙරේ.

     

    එය අද මධ්‍යම රාත්‍රියෙදී උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන්කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

     

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් මස 02 දක්වා , උතුරු පළාතේ සහ දීවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශය සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං බලාපොරොත්තුවේ.

     

    උතුරු පළාතේවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවේ. සමහර ස්ථානවලට තරමක් තදවැසිද(75mm පමණ)බලාපොරොත්තු විය හැක.

     

    නැගෙනහිර සහ උතුරු- මැද පළාත්වල සහ වයඹ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya