අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැන් දූපත වෙත පියාසර කරන ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන්

    දෙසැම්බර් 02, 2016
    ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත දක්වා අද දින සිදු කළ ප්‍රථම ගුවන් ගමන සමඟ එම දූපත වෙත පියාසර කරන ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවට පත්විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ පිහිටි ගැන් දූපත වෙත  2016 දෙසැම්බර් 1 වන දින සිට සතියකට ගමන් වාර හතරක් ශ්‍රීලංකන් ගුවන් සේවය සිදුකිරීමට නියමිතය.
    ගැන් දූපත වෙත මෙහෙයුම් ඇරඹීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 47 ක ගමනාන්ත 101 දක්වා සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කරන අතර වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස ගමනාන්ත 1000 ක් දක්වා අමුත්තන් රැගෙනයාම සඳහා පහසුකම් සලසනු ඇත.
     
    දකුණූ මාලදිවයිනේ ගැන් හි Addu Atoll (also known as Seenu Atoll),   වඩාත්ම ජනාකීර්ණ දිවයිනකි. ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල ගැන් දූපතේ සිට පැය 9.05 පිටත්ව කොළඹට පැය 11.25 ලඟාවීමට සැලසුම් කර තිබේ. එසේම කොළඹින් පැය 07.01 පිටත්වන වන ගුවන් යානා පැය 8.20 ගැන් දූපතට ලඟා වීමට කටයුතු යොදා තිබේ. 
     
    ගැන් ගුවන්තොටුපොළ වෙත සේවා ආරම්භ කිරීමත් සමඟ දකුණු ආසියාවේ සිය ජාලය කෙරෙහි අවධානය යොමු  කරමින් එනම් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා මැද පෙරදිග ඩුබායි, අබුඩාබි, ඕමානය,බහරේන්, කුවේට්, සවුදි අරාබිය, කටාර් ඇතුළු ඈත පෙරදිග ගමනාන්ත වන ජපානය, චීනය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව , වෙත තවදුරටත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත. ගැන් දූපත ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය 2016 හතරවන කාර්තුවේ දී  හඳුන්වාදුන් ආසියා-මැදපෙරදිග කලාපයේ නව ගමනාන්ත 11 අතරින් එකකි. 
     
    ශ්‍රීලංකන් සිය ගෝලීය ජාලය කොළඹ හරහා වේගවත් සම්බන්ධතා සපයමින් ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික මෙහෙයුම් සිදුකරන අතර ඈත පෙරදිග හා මැද පෙරදිග ගමනාන්ත පුළුල් කිරීමටද කටයුතු යොදා තිබේ. 
     
    ශ්‍රීලංකන් වන්වර්ල්ඩ් ජාලයේ සාමාජිකයෙකු ලෙස රටවල් 160 ක ගමනාන්ත 1000 කට වඩා වැඩි මෙහෙයුම් සිදුකිරීමට එකතු වී සිටියි.  
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya