අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුව හෙට

    දෙසැම්බර් 01, 2016

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුව පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (02) පස්වරු 4.30ට කොළඹ දී පැවැත්වෙන බව පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසැල් 31 ක්, බෙදාහැරීමේ නියෝජිතයින් 47 ක් සහ නියෝජිත ඔසුසැල් 115 ක හිමිකරුවන් සහ කළමණාකරුවන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.


     
    මෙහිදී එම හිමිකරුවන් සහ කළමනාකාරවරුන් මෙන්ම සේවක සේවිකාවන් ද ඇගයීමට ලක් කරන බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්.රූමි මහතා පවසයි.

     

    එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ උපදෙස් මත මෙම නියෝජිත හමුව සංවිධානය කෙරෙන අතර, ඖෂධ අලෙවි කිරීම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා වෙළෙඳ නාමය යටතේ ඖෂධ අලෙවි කිරිම, සේවක සුහඳතාවය, ක්ෂේත‍්‍ර රාජකාරි වැනි කරුණු යටතේ වර්ධනයක් පෙන්නුම් කරන සේවක පිරිසට මෙම සම්මාන පිරිනැමීමේ දී වැඩි අවධානය යොමු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya