අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය , නගර සහ මහ නගර සභා පනත් සංශෝධනය කෙරේ

    දෙසැම්බර් 01, 2016
    පළාත් සභා  සහ පළාත් පාලන අමාත්‍යංශයේ මේ වසරේ මුල්‍ය ප්‍රගතිය 83% කි.  ප්‍රාදේශීය සභා , නගර සභා සහ මහ නගර සභා පනත් යල් පැන ගිය ඒවා බැවින්  ඒවා වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කරමින් පවතින අතර එය ලබන වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා පැවසීය. 
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
     
     
    2016 වසරේ සෑම පළාත් පාලන ආයතනයකටම රුපියල් ලක්ෂ 100 කට වැඩි ප්‍රාග්ධන ප්‍රතිපාදන ලබා දීමට හැකිවි ඇත. මේ වන විට ව්‍යාපෘති 3,248 ක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,355 කි. ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා අද මිලියන 4,500 ක් වෙන් කර තිබෙනවා. ග්‍රාමීය පාරවල් සම්බන්ධයෙන් අයිතිය ඇත්තේ පළාත් පාලන ආයතන වලට බැවින් එම කටයුත්ත තම අමාත්‍යංශය වෙත පැවරිමෙන් එය සාර්ථකව ඉටු කළ හැකි වනු ඇතැයිද   අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    පුර නැගුම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන 108 ක් සදහා පෙරටු කාර්යාල ක්‍රමය හඳුන්වා දුන් අතර උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට යටතේ තවත් පෙරටු කාර්යාල 101 ක් හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    අයාලේ යන සුනඛයින් සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා අයාලේ යන සුනඛයින් මැරීමට තමන් කිසි විටකත් ඉඩ නොදෙන බවත්  රෝහල්, සති පොළ හා පාසල් ආශ්‍රිතව සිටින සුනඛයින්  එක් තැනක රැස්කර  ඔවුන් රැක ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya