අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීතාවක ජල විදුලි බලාගාරයේ වැඩ ඇරඹේ

    දෙසැම්බර් 01, 2016
    මෙගාවොට් 20 ක ජල  විදුලිය නිෂ්පාදනය කිරිමට අපේක්ෂිත සීතාවක ගගේ කුඩා ජල විදුලි බලාගාරයේ මෙහෙයුම් කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී. 
    කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රව ඉදිවෙන  මහා පරිමාණ ව්‍යාපෘතියක් වන මෙය ඉදි කිරිම සදහා රුපියල් කෝටි 900 ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. 
     
    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ  තම උපන් ප්‍රදේශය කේන්ද්‍රව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සතුටට කරුණක් බවයි. 
     
    මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ  සභාපති   අනුර විජේපාල මහතා ඇතුළු විදුලිබල මණ්ඩල නිලධාරීන්ද දේශපාලන නායකත්වය ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya