අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි

    දෙසැම්බර් 01, 2016

    දිවිනැගුම දෙපාර්තමේන්තු සේවකයන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් ඊයේ (30) සිදු කෙරිණි.

    සමෘද්ධි අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත්කිරීමේදී එහි සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපියක් මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන් ඔවුහු ගැටලු රැසකට මුහුණ පා සිටි බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඒ අනුව පසුගිය සතියේ දී අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් දිවිනැගුම ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශ බලධාරීන් හා පැවති සාකච්ඡාවක දී මෙතෙක් පැවැති ගැටලු නිරාකරණය කිරීමට එකඟ වී තිබේ.

    ස්ථිර පත්වීම් ලිපියක් නොලැබීම හේතුවෙන් දිවිනැගුම සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම, වැන්දඹු අනත් දරු අරමුදල් ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම යන අවස්ථාවන්හිදී ගැටලු පැවති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya